වෛද්‍ය කටයුතු සඳහා ඖෂධයක් ලෙස භාවිත කිරීම වෙනුවෙන් පමණක් කංසා භාවිතයට අවස්ථාව ලබාදීමට තායිලන්ත පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී තිබේ.
කෙසේ වෙතත්, එය මත්ද්‍රව්‍යයක් ලෙස හෝ වෙනත් කිසිදු අයුරකින් භාවිත කිරීම තවදුරටත් තායිලන්තය තුළ නීතිවිරෝධී බව පවසයි.
තායිලන්තය තුළ පාරම්පරික ඖෂධයක් ලෙස කංසා භාවිත කිරීමක් සිදු වුවත්, වර්ෂ 1930 දී එය කිසිදු අයුරකින් භාවිත කිරීම තහනම් කෙරිණි.
අග්නිදිග ආසියානු කලාපයේ රටවල මෙවැනි මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව දැඩි නීතිරීති පැවතියත්, මෙසේ වෛද්‍යමය කටයුතු සඳහා පමණක් හෝ කංසා සඳහා අවස්ථාව ලබාදුන් කලාපයේ ප්‍රථම රට බවට තායිලන්තය පත්වෙයි.