මාස කිහිපයක් පුරා ඔස්ට්‍රේලියාවේ ඇති වූ දරුණු ලැව්ගිනිවලින් හෙක්ටයාර මිලියන 10ක භූමි ප්‍රමාණයක් ගිනිබත් වූ අතර, ඇතැම් වාසස්ථාන කිසි විටෙකත් යථා තත්ත්වයට පත් නොවනු ඇතැයි බියක් පැවතිණි.
කෙසේ වෙතත් පසුගියදා මෙම ලැව්ගිනි පැවති ප්‍රදේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇති කරන මට්ටමේ වර්ෂාවක් ලැබීමත් සමග අලුත් ජීවය ගැන යළි බලාපොරොත්තුවක් ඇතිව තිබේ.
එහිදී ලැව්ගිනි නිසා බොහෝසෙයින් විනාශ වූ ශාක යළිත් දළුලා වැඩෙමින් පවතින බවත්, සතුන් නැවතත් සිය සුපුරුදු වාසභූමි කරා ඇදෙමින් සිටින බවත් පරිසරවේදීහු පවසති.
ඔස්ට්‍රේලියාවට බලපෑම මෙම ලැව්ගිනි තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති වුවද වාර්ෂාව සමග එය බොහෝදුරට අඩපණ වී තිබේ.