ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන සිඩ්නි නුවරින් දේශීය වශයෙන් කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය වූ ආසාදිතයෙකු මාසයකට වැඩි කලකට පසුව වාර්තා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට නැවුම් ආසාදන රැල්ලක් පිළිබඳ කනස්සල්ල ඇති කරමින් පැවති වාතාවරණයක මෙම නව ආසාදිතයා හඳුනාගෙන තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පැවසුවේ වයස අවුරුදු 60 ගණන්වල පසුවන මෙම ආසාදිතයා වෙත වෛරසය සම්ප්‍රේෂණය වූයේ කෙසේද යන්න පැහැදිලි නැති නමුත් ඔහු ඉඳහිට විදේශීය ගුවන් කාර්ය මණ්ඩල ප්‍රවාහනය කළ රියදුරෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.
නමුදු මෙම ආසාදිතයා සිඩ්නි නුවර සිනමා ශාලාවලට මෙන්ම, නැගෙනහිර තදාසන්න ප්‍රදේශවල පිහිටි බොන්ඩි බීච් ඇතුළු ආපනශාලා සහ සාප්පු සංකීර්ණ රැසක සංචාරය කර ඇති නිසා බලධාරීන් නගර වැසියන්ට අනතුරු ඇඟවීය.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් 5ක් පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇති අතර, ඒවා සියල්ලම අශ්‍රිතයන් දන්නා සිද්ධීන් හා සම්බන්ධ වෙයි.
කෙසේ වෙතත් වික්ටෝරියා බලධාරීන් කියා සිටියේ මෙල්බර්න් හි වෙසෙන මිලියන 5ක පදිංචිකරුවන්ට පැවති සීමා තවදුරටත් ලිහිල් කෙරෙන බවයි.