කැන්බරා නගරයට දකුණින් දැවැන්ත ලැව්ගිනි ඇවිලීමත් සමඟ එම කලාපයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
දශක දෙකකට ආසන්න කාලයක් තුළ එම කලාපයට එල්ල වූ දරුණුතම ලැව්ගිනි තර්ජනය බව බලධාරීහු පවසති.
භූමියේ දකුණේ ඇති ප්‍රධාන ලැව්ගින්න නිසා හෙක්ටයාර් 18,500කට වඩා ගිනි ගනිමින් පවතින බව කියයි.
කැන්බරාහි තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් ඉවත් විය හැකි ස්ථාන පිළිබඳව "සෝදිසියෙන් සිටින්න" යනුවෙන් ඉල්ලා ඇත.
"2003 විනාශකාරී ගින්නෙන් පසු මේ වනවිට දරුණුතම ලැව්ගිනි තර්ජනයට ඔස්ට්‍රේලියාව මුහුණ දී සිටිනවා" යැයි ප්‍රාන්ත මහ ඇමති ඇන්ඩෘබාර් සිකුරාදා වාර්තාකරුවන්ට පැවසීය.
"මේ වනවිට ප්‍රාන්ත රජයට මේ ලැව්ගිනි තර්ජනයට වඩා ඉහළ ප්‍රමුඛතාවයක් නොමැති." බවද ඔහු කීවේය.
සිඩ්නි සහ මෙල්බර්න් අතර පිහිටා ඇති මෙම කුඩා භූමියේ පදිංචිකරුවන් 400,000ක් පමණ සිටිති.
2003 දී කැන්බරා නගරාසන්නයේ ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් තවත් 500 දෙනෙකුට තුවාල සිදු වූ අතර නිවාස 470ක් විනාශ විය.