ගිණිකොනදිග ඔස්ට්‍රේලියාව හරහා විශාල දූලි කුණාටුවක් හමා යන බවත්, එම ප්‍රදේශවල වායුගෝලය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති බවත් බලධාරීන් පවසයි.
ඒ අනුව, සිඩ්නි නගරය දක්වා කිලෝමීටර් 500ක වපසරියක් ආවරණය කරමින් මෙම දූලි කුණාටුව ගමන් කරන බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
මේ අතර, නිව් සවුත් වේල්ස් ආදී ප්‍රදේශවල දූලි තත්ත්වය හේතුවෙන් මාර්ග දූලි වළාවන්ගෙන් වැසී නොපෙනන තත්ත්වයක් ඇතිවී තිබෙන බවද කියයි.
පවතින අධික සුළං තත්ත්වය වියළි ගොඩබිම පිසගෙන පැමිණෙන විට මෙම දූලි කුණාටු තත්ත්වය ඇති කර තිබෙන බව එරට කාලගුණ අංශ නිවේදනය කරයි.
එමෙන්ම, මෙම තත්ත්වය ඉදිරියේදී වැඩිවිය හැකි බවටද ඔවුන් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.