ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන් ඔබ්බෙහි නිවසක තිබී මළ සිරුරු 5ක් හමුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මියගිය අය අතර කාන්තාවන් සහ කුඩා දරුවන්ද සිටින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වෙයි.
මෙම මරණ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණ අරඹා ඇති අතර, කවර දිනකදී, කෙසේ මෙම මරණ සිදුවූයේද යන්න පිළිබඳ විශේෂ පොලිස් පරීක්ෂණයක්ද අරඹා තිබේ.
බෙඩ්ෆෝඩ් ගම්මානයේ ජීවත්වන බොහෝ පිරිසක් මෙම සිදුවීමෙන් තැතිගෙන ඇති අතර, පළාතේ පොලිස් ප්‍රධානියා මෙය මහා අපරාධයක් ලෙස හඳුන්වා ඇත.
එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා මෙම මරණ සම්බන්ධයෙන් සෘජු සබඳතාවක් ඇති අයෙකුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.