ඔස්ට්‍රේලියාව එදාමෙදා තුර වාර්තා කළ වඩාත් උණුසුම්ම මාසය පසුගිය ජනවාරියේදී වාර්තා කර ඇති අතර, එම මාසය තුළ සාමාන්‍ය උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් තිබේ.
ඔස්ට්‍රේලියානු කාලගුණ ඒජන්සියට අනුව රටේ ග්‍රීෂ්ම සෘතුවේදී වාර්තා වූ මෙම දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය බලාපොරොත්තු නොවූවකි.
එමෙන්ම, මෙම ජනවාරි මාසය තුළ දින පහක කාලයක් එරට වාර්තා කර තිබූ උණුසුම්ම දින 10ට ඇතුළත්ව ඇති අතර, එය සෙල්සියස් අංශක 40 ඉක්මවා යෑමකි.
මෙම දැඩි උණුසුම් පරිසරයත් සමග ලැව්ගිනි නිසා සිදුවූ මරණ, මෙන්ම රෝහල්ගත කළ පිරිස්වල කෑපී පෙනෙන වැඩිවීමක් වාර්තා වූ බවද සඳහන් වෙයි.