ඔස්ට්‍රේලියාවේ පැතිර යන ප්‍රබල උණුසුම් වා දහරාව හේතුවෙන් කැලෑ අශ්වයන් 90කට වැඩි පිරිසක් ජලය නොමැතිව ජීවිතක්ෂයට පත්ව තිබේ.
වනජීවී නිලධාරීන් යනවිට බොහෝ අශ්වයන් මියගොස් සිටි අතර, තවත් අශ්වයන් ජීවිතයත් මරණයත් අතර සටනක සිටි බව කියැවෙයි.
උතුරුදිග, ඇලිස් ස්ප්‍රින්ග් ප්‍රදේශයේදී මෙම අශ්වයන් සොයාගැනීමට හැකිවී ඇති අතර, ඒ වනවිටත් සතුන් 40කට වැඩි පිරිසක් මියගොස් සිටි බවත්, පසුව සෙසු සතුන්ද මියගිය බවත් සඳහන් වෙයි.
මේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා දැඩි උණුසුම් වා දහරාවක් පැතිර යන අතර, මෙය වාර්තාගත තත්ත්වයක් බව කාලගුණ අංශ පෙන්වා දෙයි.
අද (24දා) දිනය වනවිට ඇඩිලේඩ් නගරය වර්ෂ 1939 වර්ෂයෙන් පසුව මුහුණදෙන ඉහළම උණුසුම වාර්තා කර තිබුණේ සෙල්සියස් අංශක 46.2ක් ලෙසිනි.