ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයගත් වත්මන් අගමැති ස්කොට් මොරිසන්ගේ රජය බහුතරයක් ලබාගැනීමේ අවස්ථාවක්ද පවතින බව එරටින් වාර්තා වෙයි.
ඔහු නියෝජනය කරන කන්සවේටිව් පක්ෂයට බහුතර බලය ලබාගැනීමට අවශ්‍යව තිබුණේ තවත් ආසන තුනක් පමණි.
තම ජයග්රහණයෙන් පසුව ආධාරකරුවන් අමතමින් මොරිසන් කියා සිටියේ තමන් සෑමවිටම ආශ්චර්යවත් දේ පිළිබඳ විශ්වාස කළ බවයි.
මෙම මැතිවරණයට පෙර පැවති පූර්ව ප්‍රතිඵල නිගමනයන්ට අනුව කම්කරු පක්ෂය ජයගනු ඇති බව සඳහන් වුවත්, මෙවර මැතිවණයෙන් ඔවුන් දැඩි පරාජයක් ලබා ඇත.
මේ අනුව, කම්කරු පක්ෂයේ නායක බිල් ෂොර්ට්න් පක්ෂ නායකත්වයෙන්ද ඉවත්වීමට තිරණය කර ඇති අතර, මීළඟ රජය පිහිටුවීමට කම්කරු පක්ෂයට හැකියාවක් නොමැති බව ඔහු මැතිවරණ ප්‍රතිඵලවලින් පසුව පවසා තිබුණි.