ජපානයේ හදිසි තත්ත්වය දීර්ඝ කිරීම හේතුවෙන් මැයි 17 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානී තෝමස් බැච්ගේ ජපාන සංචාරය කල් දමා ඇති බව ටෝකියෝ 2020 ඔලිම්පික් සංවිධායකයෝ පවසති.
"පසුගිය සතියේ හදිසි තත්ත්වය දීර්ඝ කිරීම සහ අප මුහුණ දී සිටින විවිධ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මැයි 17 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් කමිටු සභාපති බැච්ගේ ජපාන සංචාරය කල් දමා තිබෙනවා" යනුවෙන් ටෝකියෝ ඔලිම්පික් 2020 අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
"අපි ජපානයේ කොවිඩ්-19 තත්ත්වය සහ අනෙකුත් අදාළ සාධක පිළිබඳව අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටින අතර හැකි ඉක්මනින් ඔහුගේ ජපාන සංචාරය නැවත සංවිධානය කරනවා." යැයි එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.