එස්තෝනියා මහ මැතිවරණයෙන් එරට මධ්‍ය දක්ෂිණාංශික ප්‍රතිසංස්කරණ හෙවත් විරුද්ධ පක්ෂ සන්ධානය ජයග්‍රහණය කර තිබේ.
ප්‍රතිසංස්කරණ පක්ෂ සන්ධානයේ හිටපු එම්.ඊ.පී. නායිකා කාජා කාලාස් 29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබූ අතර, පාලක මධ්‍යම පක්ෂය ලබාගෙන තිබුණේ 23%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
මේ අතර, අන්ත දක්ෂිණාංශික එස්තෝනියානු ජනතා පක්ෂය තෙවැනි තැන ලබා තිබූ අතර, ඔවුන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටි පක්ෂයයි.
ඒ අනුව, කාලාස් එස්තෝනියාවේ ප්‍රථම කාන්තා අගමැතිවරයා බවට පත්වීමේ ඉඩක් පවතින බව විදෙස් වාර්තා පවසයි.
එස්තෝනියානු ජනගහනයෙන් කාලකට ආසන්න පිරිසක් ඉලෙක්ට්‍රොනික ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකර තිබූ අතර, එය ප්‍රතිසංස්කරණ පක්ෂය වෙනුවෙන් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාදී තිබුණි.