හමුදාව යොදමින් එවරස්ට් සහ තවත් හිමාල කඳු මුදුන්වල පිහිටි කුණු කිලෝග්‍රෑම් 35,000ක් ඉවත් කිරීමේ නේපාල රජයේ සැලසුමට කඳු තරණය කරන්නන්ට සහාය වන ෂෙර්පාවරු කඩාකප්පල් කර තිබේ.
රජය පවසන්නේ මෙම කාර්ය සඳහා නේපාල රුපියල් මිලියන 860ක් වැය කර හමුදා යොදා මෙහෙයුමක් සැලසුම් කර ඇති බවයි.
පසුගිය වසරේදී ඔවුන් කලාපයෙන් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10,000 ක් පමණ ඉවත් කිරීමට සමත් වූ බවද නේපාල රජය කියයි.
නමුත් ලොව උසම කන්ද 24 වතාවක් වාර්තා කළ කමී රීටා ෂෙර්පා පවසන්නේ ඉහළම ස්ථාන කරා ළඟා වීමට හමුදා සාමාජිකයන්ට හැකියාවක් නොමැති බවයි.
"ඔවුන් පහත් බිම්වලින් කසළ එකතු කළා. ඉහළ උන්නතාංශවලින් කසළ පිරිසිදු කිරීම සඳහා හමුදාව යොදාගැනීම තේරුමක් නෑ. ඒ සඳහා ෂෙර්පාස් බලමුලු ගැන්විය යුතුයි."
"එය කළ හැක්කේ ෂෙර්පා මාර්ගෝපදේශකයන්ට පමණයි. ඒ වගේම කඳු පිරිසිදු කිරීම සඳහා ඔවුන්ට නිසි ගෙවීමක් ලබා දිය යුතුයි." ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.