ඉදිරි සති හය තුළ එක්සත් ජනපදය ලොව පුරා එන්නත් මාත්‍රාව මිලියන 80ක් බෙදා ගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
එය ජුනි මාසය අවසන් වනවිට එක්සත් ජනපදය විසින් නිපදවන එන්නත්වලින් 13%ක ප්‍රතිශතයක් බව සඳහන් වෙයි.
"අද අපි ලෝකයට උදව් කිරීම සඳහා අතිරේක පියවරක් ගන්නවා. ගෝලීය වශයෙන් නැගීඑන වසංගතය පාලනය වන තුරු ඇමෙරිකාව කිසි විටෙකත් පූර්ණ ආරක්ෂිත නොවන බව අප දන්නවා. සාගරයක් ප්‍රමාණවත් තරම් පළල් නැහැ වගේම, අපව ආරක්ෂා කර ගැනීමට තරම් ප්‍රාකාර නැහැ" ධවල මන්දිරයේ සිට අදහස් දක්වමින් බයිඩන් කියා සිටියේය.
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් වරක් බලය අනුමැතිය ලබාදුන් පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙන්ම ෆයිසර්, මොඩෙර්නා සහ ජොන්සන් සහ ජොන්සන් යන මාත්‍රාවන් එක්සත් ජනපදය විසින් මෙලෙස බෙදාදෙන බව බයිඩන් කීවේය.
"නව ප්රභේදයන් අපට වැඩි අවදානමක් ඇති කළ හැකි ලෙස විදේශයන්හි නැගී සිටිය හැකියි. අපව රට තුළ ආරක්ෂිතව තබා ගැනීමටත්, අනෙක් අයට උපකාර කිරීමටත් අවශ්‍ය නිවැරදි දේ ලෙස ලොව පුරා රෝගවලට එරෙහිව සටන් කිරීමට අපට උදව් කළ යුතුයි. එය කළ යුතු නිවැරදි දෙයයි. කළ යුතු නුවණැතිම දෙය එයයි. එය කළ යුතු ප්‍රබලම දෙයයි" බයිඩන් වැඩිදුරටත් පැවසීය.