ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්රාන්තයේ සිදුවූ පාසල් වෙඩි තැබීමකින් පසුව එරට දරුවන්ගේ දෙමවුපියන් වීදි බැස තිබේ.
මෙය කොලොම්බයින් පාසල් වෙඩි තැබීමේ සිද්ධියේ නැවත සිදුවීමක් බව පෙන්වන ඔවුන්, අතිශය ඉහළ ගොස් ඇති මත්උවදුර මීට පිටුබලයක් ලබාදී ඇති බවද කියයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මීට මාස පහකට පමණ පෙර මෙවැනි ප්රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවීම් පාසල් බලධාරීන්ට සිදුකළ බවයි.
පසුගිය අඟහරුවාදා ස්ටෙම් උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 8 දෙනෙකු තුවාල ලැබීය.
1999 වසරේ කොලොම්බයින් උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීම ඇමෙරිකානු ඉතිහාසයේ අතිශය දරුණු වෙඩි තැබීමක් වන අතර, ඉන් සිසුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.