උතුරු කොරියාව දැවැන්ත හමුදා සංදර්ශනයක් වෙනුවෙන් සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
උතුරු කොරියාව විසින් පවත්වනු ලබන හමුදා සංදර්ශනයන් හිදී ඔවුන්ගේ නවතම යුද අවි ප්‍රදර්ශනයක කිරීමක් සිදුවන බැවින් මේ සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවල අවධානය යොමුවෙයි.
විශේෂයෙන්ම මෙවැනි හමුදා සංදර්ශනවලදී ඔවුන්ගේ බැලස්ටික් මිසයිල පවා ලෝකය හමුවේ නිරාවරණය වෙයි.
මෙම හමුදා සංදර්ශනයට සමගාමීව ජිම්නාස්ටික් සහ කලාත්මක නර්තනයන් සහිත දැවැන්ත ජන ක්‍රීඩා උත්සවයක්ද වසර පහකට පසුව පැවැත්වීමට උතුරු කොරියාව සූදානම් වන්නේ එහි 70 වැනි සංවත්සර සැමරුමද පිළිබිඹු කරමිනි.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පසුගිය ජූනි මාසයේ සිංගප්පූරුවේදී සිදුවූ හමුවෙන් අනතුරුව උතුරු කොරියාව ලෝකයට වඩාත් සමීප රාජ්‍යයක් වනු ඇති බව විශ්වාස කෙරිණි.
කෙසේ වෙතත්, උතුරු කොරියාව ඇමෙරිකානු න්‍යාය පත්‍රයට වඩා චීනය ප්රමුඛ ආසියානු කලාපය සමග වැඩි නැඹුරුවක් පෙන්වන බැවින් මෙම සාකච්ඡාවල වඩාත් යහපත් ප්‍රගතියක් පසුගිය කාලය පුරා දැකගත නොහැකි විය.