උතුරු කොරියාවේ ප්‍රධානතම මිසයිල පර්යේෂණාගාරය හා දියත් කිරීමේ මධ්‍යස්ථානය වසා දැමීමට කිම් ජොන්ග්-උන් එකඟ වූ බව දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් පවසයි.
උතුරු කොරියාව වෙත ඓතිහාසික සංචාරයකට එක්වෙමින් ප්යොන්ග්යැන් හිදී කිම් ජොන්ග්-උන් හමුවී එරට න්‍යෂ්ටිකහරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණි බව මූන් ජේ-ඉන් වැඩිදුරටත් පවසයි.
මෙම එකඟතාව කොරියානු අර්ධද්වීපයේ පැවති උණුසුම්කාරී වාතාවරණයෙන් ඔබ්බට සිදුකළ නව පිම්මක් ලෙස උතුරු කොරියානු නායකයා හඳුන්වනු ලැබිණි.
එමෙන්ම, ඉතා නුදුරු අනාගතයේදීම දකුණු කොරියාවේ සෝල් අගනුවර වෙත සංචාරයක නිරත වීමට අදහස් කරන බවද කිම් ජොන්ග්-උන් පවසා සිටි අතර, එය එසේ වුවහොත්, එවැනි පියවරක් තැබූ ප්‍රථම උතුරු කොරියානු නායකයා බවටද ඔහු පත්වනු ඇත.
දකුණු කොරියානු ජනපිත මූන් ජේ-ඉන් සහ ජනපති ආර්යාව දින තුනක නිල සංචාරයක් සඳහා පසුගියදා උතුරු කොරියාව වෙත පැමිණියහ.
පසුගිය ජූනි මාසයේදී කිම් ජොන්ග්-උන් සහ ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවූ ඓතිහාසික හමුවෙන් පසුව සිදුවූ තවත් සුවිශේෂී ඓතිහාසික හමුවක් ලෙස මෙම හමුව සැලකෙයි.