උතුරු අයර්ලන්තයේ ලංඩන්ඩෙරි නගරයේදී පසුගිය 18දා ඇති වූ ගැටුම්කාරී සිදුවීම අවස්ථාවේදී එය ආවරණය කරමින් සිටි මාධ්‍යවේදිනී ලයිරා මැකීගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගැටුම්කාරී තත්ත්වය නිව් අයි.ආර්.ඒ නම් කණ්ඩායම සිටිය හැකි බව පවසන උතුරු අයර්ලන්ත පොලීසිය මෙය ත්‍රස්ත ක්‍රියාවක් සේ සලකා පරීක්ෂණ මෙහෙයවයි.
29 හැවිරිදි ලයිරා මැකීගේ ඝාතනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පැවසුවේ "කම්පනය ඇති කළ" සිදුවීමක් බවය.
ඩෙරි හි ක්‍රේගන් ප්‍රදේශය පොලිසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීමකදී කැරලිකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන අතර, පසුව තුවක්කුකරුවෙක් පොලීසිය දෙසට වෙඩි තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 පසුවන තරුණයන් දෙදෙනෙකි. මෙම කණ්ඩායම අයි.ආර්.ඒ හෙවත් 'අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව' යන සංවිධානයෙන් කැඩී වෙන්වූ පිරිසකි. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය මෑතක සිට ඉහළ ගොස් ඇති බව පැවසෙයි.