උතුරු කොරියාව විසින් හඳුනා නොගත් මිසයිල ද්විත්යක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ තහවුරු කරයි.
එරට නැගෙනහිර වෙරළේ සිට ජපාන මුහුද දෙසට මෙම මිසයිල දියත් කෙරුණු අතර, පසුගිය වසරේ මැයි මාසයේදී මාස 18ක නිහැඬියාවකින් පසුව උතුරු කොරියාව එම වසරේ පළමු මිසයිල අත්හදා බැලීම සිදුකළේය.
ඓතිහාසිකවම උතුරු කොරියාව වසන්ත සමයේදී මිසයිල අත්හදා බැලීම් වේගවත් කිරීම සාමාන්‍යයෙන් සිදුවූවකි.
“අතිරේක දියත් කිරීම් සහ සූදානම් වීම් හඳුනා ගැනීම සඳහා හමුදාව අධීක්ෂණය කරමින් සිටිනවා” යැයි දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පැවසීය.
මෙම පරීක්ෂණ සිදුවන්නේ දකුණු කොරියාව සහ එක්සත් ජනපදය කොරෝනා වෛරසය පිළිබඳ සැලකිලිමත් වෙමින්, උතුරු කොරියාව නිරන්තරයෙන් කෝප ගන්වන දෙරටේ වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දමන බව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුව වීමද විශේෂත්වයකි.