උතුරු කොරියාව සිය න්‍යෂ්ටික ශක්තිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා එරට චන්ද්‍රිකා දියත් කරන ස්ථානයක සිට තවත් “තීරණාත්මක පරීක්ෂණයක්” පවත්වා ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ පසුගිය සිකුරාදා රාත්රියේදී උතුරු කොරියාවේ සෝහායි චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී එය සිදුකර ඇති බවයි. නමුත්, නිශ්චිත තොරතුරු ලබාදීමක් සිදු නොවීය.
සතියකටත් අඩු කාලයකදී සොහායි මධ්‍යස්ථානයේ සිදුවන දෙවැනි පරීක්ෂාව මෙයයි.
මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර සාකච්ඡා ඇණහිට ඇති අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අත්හරින තෙක් එරටට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
නමුත්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඒ වෙනුවට වසර අවසානයේදී එක්සත් ජනපදයෙන් නව සහන ඉල්ලා සිට ඇති අතර, එය සිදු නොවන්නේ නම් එය "නව මාර්ගයක්" අනුගමනය කරන බව පියොන්යැග් පාලනය අවධාරණය කර ඇත.
එමෙන්ම, ඔවුන්ගේ කීමට අනුකූල නොවන්නේ නම් එක්සත් ජනපදයට අශෝභන "නත්තල් තෑග්ගක්" අපේක්ෂා කළ හැකි බවද උතුරු කොරියාව වැඩිදුරටත් අවධාරණය කර ඇත.