ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා බිඳ වැටීමෙන් පසු උතුරු කොරියාව ප්‍රථම වරට මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙය දිගුදුර මිසයිලයක් නොවන බව විශේෂඥයන් පවසන අතර, එය පසුගිය නොවැම්බර් මාසයේදී සිදුකළ පරීක්ෂණයට සමාන එකක් බව සඳහන් වෙයි.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අවසන් වරට පැවති සාකච්ඡාව කිසිදු එකඟතාවක් නොමැතිව බිඳ වැටීමත් සමග දෙරට අතර සබඳතාවලද සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නොලැබුණු බව සඳහන් වෙයි.
කොරියානු මාධ්‍ය වාර්තා කළ ආකාරයට මෙම මිසයිල අත්හදා බැලීම උතුරු කොරියානු නායකයාගේ නිරීක්ෂණයටද ලක්ව ඇති අතර, එය ගොඩබිම, මුහුද හෝ අහසේ සිට අත්හදා බැලුවේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම සාර්ථක අත්හදා බැලීම කොරියානු හමුදා ශක්තිය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව කිම් ජොන්ග්-උන් පවසා තිබේ.