ඉදිරි දිනවලදී ඔස්ට්‍රේලියාව පුරා පැතිරෙන උණුසුම් වා දහරා අනාවැකිය මේ වනවිටත් රට තුළ පැතිර යන ලැව්ගිනි සම්බන්ධ තත්ත්වය උත්සන්න කරනු ඇති බව කියයි.
නිව් සවුත් වේල්ස්, වෙස්ට් ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා ඇතුළු ලැව්ගිනිවලින් පීඩාවට පත් ප්‍රාන්ත කිහිපයක සිකුරාදා සිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි අගයක් ගෙන තිබුණි.
සිඩ්නි නුවරට බටහිර දෙසින් විශාලතම ගිනි ගැනීම් 100ක් පමණ දැවෙමින් පවතී.
ගිනි නිවන භටයින් නත්තල සමග පැමිණි සිසිල් උෂ්ණත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ගින්න මැඬපැවැත්වීමට දැඩි පරිශ්රයමක් ගනු ලැබිණි.
නිව් සවුත් වේල්ස් ග්‍රාමීය ගිනි නිවීමේ සේවා කොමසාරිස් ෂේන් ෆිට්සිමොන්ස් පැවසුවේ සිකුරාදා තත්වය යළිත් නරක අතට හැරෙනු දැකීමට පෙර ආරක්ෂාව තර කර ඇති බවයි.