ඊජිප්තුවේ කයිරෝ අගනුවර ප්රධාන දුම්රිය ස්ථානයේ ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.
එරට දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ දුම්රියක් කොන්ක්රීට් බාධකයක ගැටීමත් සමග මෙම ගින්න හටගෙන ඇති බවයි.
මෙම අනතුරත් සමග දුම්රියේ ඉන්ධන ටැංකිය පුපුරා යාමෙන් එහි වූ ඉන්ධන දුම්රිය වේදිකාවට හා අසල ගොඩනැගිලි වෙත විසිරීමත් සමග ගින්න වේගයෙන් පැතිරගොස් ඇති බව කියයි.
ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාව මෙන්ම, ගිලන් රථ රැසක් ඒ ස්ථානයට ගොස් තිබූ බව විදෙස් වාර්තා පවසයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ දුම්රිය කොන්ක්රීට් බාධකයේ වදිනවාත් සමග එම ස්ථානයේ සිටි පිරිස් ඉවතට දිවයෑමට උත්සාහ කළත් ඇති වූ පිපිරුම හේතුවෙන් බොහෝ දෙනෙකු එම ගින්නට මැදි වූ බවයි.