තුර්කියේ, ඉස්තාන්බුල් නගරසභා ඡන්ද විමසීමෙන් යළිත් වරක් ජනපති එර්ඩෝගාන්ගේ පාලක පක්ෂය පරාජයට පත්ව තිබේ.
පසුගිය මාර්තු මාසයේදී පැවති නගරසභා ඡන්දයෙන්ද ප්රධාන විරුද්ධ පක්ෂය නියෝජනය කරන අපේක්ෂක එක්රොම් ඉමාමොගුල් ජයග්රහණය කළේය.
කෙසේ වෙතත්, එම ඡන්ද විමසීමේදී මැතිවරණ දූෂණ සිදුව ඇති බව පවසමින් යළිත් වරක් ඡන්දය පැවැත්විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ඒ අනුව, පසුගිය ඉරිදා පැවති මැතිවරණයේ දෙවැනි වටයේදී එක්රෙම් ඉමාමොගුල් ඡන්ද 775,000ක් පමණ ඉදිරියෙන් සිටිමින් දැවැන්ත ජයග්රහණයක් ලබාගෙන තිබේ. ඔහු පසුගිය වර ලබාගත්තේ ඡන්ද 13,000ක පමණ සීමිත ඡන්ද පරතරයක ජයග්රහණයකි.
ඒ අනුව, මෙම සුවිශේෂී ජයග්රහණය වත්මන් ජනපති එර්ඩෝගාන්ට දැවැන්ත අතුල්පහරක් බව දේශපාලන විචාරකයෝ පවසති. එමෙන්ම, මෙම ජයග්රහණයත් සමග ඉස්තාන්බුල් නගරයේ වසර 25ක පමණ කාලයක් පැවති ඒ.කේ.පී. පක්ෂයේ පාලනයද ගිලිහී යයි.