අත්අඩංගුවට පත්ව ඇති ඉරාන තෙල් නෞකාව මුදා හැරීමට කටයුතු නොකළහොත්, බ්‍රිතාන්‍ය තෙල් නෞකාවක් පැහැර ගැනීම සිදුවන බව ඉරානය අනතුරු අඟවයි.
ගිබ්රේල්ටා හි බ්‍රිතාන්‍ය රාජකීය මැරීන් භටයන් විසින් පසුගියදා ග්‍රේස් 1 නමැති ඉන්ධන නෞකාව පැහැර ගනු ලැබුවේ යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංඝනය කර ඇති බව පවසමිනි.
මේ අතර, ගිබ්රේල්ටා අධිකරණය මෙම නෞකාව තවත් දින 14ක කාලයක් රැඳවුම් භාරයේ තබා ගැනීමට නියෝග කළේය.
කෙසේ වෙතත්, මෙම නෞකාව ඉරාන නෞකාවක් බව අනාවරණය වූ අතර, මේ සම්බන්ධයෙන් ඉරානය ටෙහෙරාන් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට දන්වා සිටියේය.
යම් ලෙසකින් මීට කඩිනම් ප්‍රතිචාරයක් බ්‍රිතාන්‍ය නොදැක්වුවහොත් බ්‍රිතාන්‍යයට අයත් තෙල් නෞකාවක් පැහැරගැනීමට ලක්විය හැකි බව ඉරානය අනතුරු ඇඟවීමක් කර තිබේ.