මූලික පරීක්ෂණවලදී නව කොරෝන වෛරසය හෙවත් කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ රෝගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරානය පවසයි.
ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශක කියුනුෂ් ජහාන්පූර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ කොම්හි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වයස්ගත හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල දෙදෙනෙකු මෙසේ මියගොස් ඇති බවයි.
ඔවුන් දෙදෙනාම ඉරාන ජාතිකයන් බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය කාසෙම් ජන්බාබෙයි මාධ්‍ය වෙත පවසා තිබේ. ඉරානය මෙන්ම, මැදිපෙරදිග කලාපයෙන් වාර්තා වන ප්‍රථම මරණ දෙක මෙයයි.
ඔවුන් මිය යාමට පෙර කොම් පළාතෙන් හෝ පිටත සංචාරය කර නොමැති බව රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන අතර, රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස පළාතේ පාසල් සහ විශ්ව විද්‍යාල බ්‍රහස්පතින්දා වසා දමන බව ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරයි.