ඉන්දියාව විසින් කොවිඩ්-19 නව ආසාදිතයන් 346,786 ක් සෙනසුරාදා වාර්තා කරමින්, වසංගතය තුළ ආසාදන සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් අඛණ්ඩව තුන්වැනි දිනටත් බිඳහෙළා ඇති බව එරට රජයේ දත්ත පෙන්වා දෙයි.
මීට පෙර පැය 24 තුළ සිදු වූ මරණ සංඛ්‍යාව 2,624 ක් වූ අතර එය ඉන්දියාවේ දෛනික වාර්තාවකි - සමස්ත මරණ 189,544 ක්.
අහස උසට නැඟෙන කොවිඩ්-19 ආසාදන ඉන්දියාවේ ප්‍රජාවන් සහ රෝහල් විනාශ කරමින් පවතී. දැඩි සත්කාර ඒකක ඇඳන්, බෙහෙත්, ඔක්සිජන් සහ වෙන්ටිලේටර්ස් ආදී සෑම දෙයක්ම හිඟය. මෘත ශරීරාගාරවල හා ආදාහනාගාරවල මළ මිනී ගොඩ ගසා ඇත.