ඉන්දියාවේ දැනට වාර්තා වන දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඔබ පුදුමකරවන අගයක් වුවත්, ඉන් පෙන්නුම් කෙරෙන්නේ වෛරස ව්‍යාප්තියේ සැබෑ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසක නියෝජනයක් පමණක් බව වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවයි.
සෑම දිනකම රජය විසින් නව ආසාදන 300,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කරන අතර, එය දැනටමත් ලෝක වාර්තාවක් වී හමාරය. එමෙන්ම ඉන්දියාව ආසන්න කාලසීමාවේදී වෙනත් කිසිදු රටකට වඩා නව ආසාදන දක්නට ලැබෙන රට බවට පත්ව ඇත්තේ, ගෝලීය ආසාදනයන්ගෙන් අඩකට ආසන්න අගයක් ගනිමිනි.
මෑත සතිවල හදිසියේ ඇති වූ ආසාදන ඉහළ යෑමට, නව වෛරස ප්‍රභේදයක් භූමිකාවක් රඟ දක්වා ඇති බවට ඉඩ ඇති හෙයින්, ඉන්දියාවේ නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද 200,000 කට ආසන්න වෙමින් පවතින්නේ, දෛනිකව දෙදහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වෙමිනි.