කොවිඩ්-19 රෝගීන් සඳහා රජයේ රෝහල්වල ඇඳන් වැඩි ප්‍රමාණයක් නිදහස් කරන බවට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියාවේ ඉරිදා වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 261,500ක් වාර්තා වීමත් සමග මෙම තීරණය ප්‍රකාශයට පත්වූ අතර, එරට තුළ කොවිඩ්-19 පරීක්ෂණයට භාජනය වන හය දෙනෙකුගෙන් එක් අයෙකු ධනාත්මක ප්‍රතිඵලයක් ලබාදෙන බව අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය වඩාත් දරුණු ලෙස පීඩාවට පත් නගරය වන අතර පසුගිය පැය 24 තුළ ආසාදිතයන් 25,500ක් වාර්තා විය.
සාමාන්‍යයෙන් අමාත්‍යාංශවල හෝ රාජ්‍ය අංශයේ සමාගම්වල සේවකයින් සඳහා වෙන්කර ඇති රෝහල් විසින් සිය වාට්ටුවලින් සමහරක් දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් ආධාරක ඇඳන්, වෙන්ටිලේටර්ස්, රසායනාගාර සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය සහිත කොවිඩ්-19 පහසුකම් බවට පරිවර්තනය කළ යුතු බව අමාත්‍යාංශය පවසයි.
සමහර ප්‍රාන්තවලින් වාර්තා වන ඇඳන් හිඟය පියවීම සඳහා මෙවැනි පියවර ගැනීමට සිදුවන බව අමාත්‍යාංශය පවසයි. විශේෂ දුම්රිය මගින් ඔක්සිජන් ටැංකි ප්‍රාන්තවලට ප්‍රවාහනය කරන බව දුම්රිය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇති රට ඉන්දියාව වන අතර මේ වනවිට ආසාදන වැඩිවීම සමග පොරබදමින් සිටියි.