ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් වෙඩි තබා බිම හෙළීමට තම ආරක්ෂක අංශ සමත් වූ බවත්, තම ස්වයං ආරක්ෂක හැකියාව තහවුරු කිරීමට ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරය වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවත් පාකිස්තානය කියයි.
කාෂ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයකදී හමුදා සාමාජිකයන් 40ක් ඉලක්ක කරමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉන්දියාව ඊයේ තම ගුවන් හමුදා ප්‍රහාරක යානා යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්තානය සිය ශක්තිය ප්‍රදර්ශනය කර තිබේ.
ඉන්දියාව තම මිග්21 ප්‍රහාරක ජෙට් යානයක් විනාශ වූ බවත්, එහි නියමුවන් දෙදෙනා සහ එක් සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සඳහන් කරයි. එම යානය ඉන්දීය පාලනය පවතින කාෂ්මීරය වෙත කඩා වැටී ඇත. එමෙන්ම, පාකිස්තාන පාලනයේ පවතින කාෂ්මීරය වෙතට අනෙක් යානය කඩා වැටී ඇති අතර, එහි නියමුවන් තම ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බව පාකිස්තානය පවසයි.
කාෂ්මීරයේ අයිතිය තමන් සතු බව ඉන්දියාව මෙන්ම පාකිස්තානයද කියා සිටියත්, එම රාජ්‍යයන් දෙකටම හිමිව ඇත්තේ ඉන් කොටසක පාලනය පමණි.
න්‍යෂ්ටික බලයෙන් පිරි මෙම දකුණු ආසියානු රාජ්‍යයන් ද්විත්වය 1947 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ දා සිට මේ දක්වා යුද්ධ තුනකට මුහුණ දී ඇති අතර, මෙවර ඇවිලෙන යුද්ධය පෙරට වඩා දරුණු විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.