ඉන්දියාවේ නව මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් සිය කුළුඳුල් අයවැය ඉදිරිපත් කිරීමට පැමිණෙද්දී යටත්විජිත සමයේ භාවිත කළ සූට්කේස් එක ඉවත්කර ඉන්දීය ක්රමයේ අසුරනයක අයවැය ලේඛනය රැගෙන විත් තිබේ.
හින්දියෙන් බායි-ඛාතා යනුවෙන් හැඳින්වෙන සාම්ප්‍රදායික අසුරනයක අයවැය ලේඛනය රැගෙන ඒමෙන්, බටහිර චින්තනයේ ගැතිබවින් ඉන්දියාව මිදීම සංකේතවත් කිරීමට ඇය එසේ කටයුතු කළ බව මුදල් අමාත්‍යවරියගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමණියම් පවසා ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවැනි ධුර කාලයේ ප්‍රථම අයවැය ලේඛනයද මෙය වන අතර, ඉන්දියාවේ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ආර්ථිකය තවදුරටත් ඔසවා තැබීම මෙම අයවැය ලේඛනයේ ප්රමුඛ අරමුණු අතර වන බව කියැවෙයි.
වත්මන් මුදල් ඇමතිනී සීතාරාමන් මීට පෙර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය.