ඉන්දියාව ගෙවීගිය පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 92,596ක් සහ වෛරසය ආශ්රිත මරණ 2,219ක් වාර්තා කර තිබේ.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව රටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 29.1ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 353,528කි.
ඉන්දියාව තුළ දෛනික ආසාදන අඩු වෙමින් තිබුණද, ඉන්දියාවේ එන්නත්කරණ වේගය අඩාල වුවහොත් ඔවුන්ට වසර අවසානයේදී තෙවැනි රැල්ලකට මුහුණදීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවී තිබේ.
එමෙන්ම ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල රජයේ අමාත්‍යවරුන්ද සහභාගී වූ සාද පවත්වමින් වසංගත සීමාවන් උල්ලංඝනය කරන දසුන්ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, යළිත් රට අනතුරේ හෙළන බවට චෝදනා නගමිනි.