වාර්තා නොවූ සිද්ධීන් දහස් ගණනක් සොයා ගැනීමෙන් පසු ඉන්දියානු ප්‍රාන්තයක් සිය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව එක්වරම තියුණු ලෙස ඉහළ නංවා ඇති බැවින්, මේ වනවිට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව නිල සංඛ්‍යාවට වඩා සැලකිය යුතු ලෙස වැඩි අගයක් ගන්නා බව සැකයට භාජනය වේ.
අප්‍රේල් සහ මැයි මාසවල විනාශකාරී දෙවැනි කොරෝනා රැල්ල අතරතුර ඉන්දියානු රෝහල් ඇඳන් හා ජීවිතාරක්ෂක ඔක්සිජන් නොමැතිව දැඩි පීඩාවකට ලක්වූ අතර, රෝහල්වලින් පිටත හා නිවෙස්වල, වාහන අංගන තුළ මිනිසුන් මිය ගියේය.
ඒ අනුව මෙම මරණවලින් බොහොමයක් කොවිඩ්-19 සමස්ත මරණ අතර වාර්තා වී නොමැති බව වෛද්‍යවරු සහ සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව, එක්සත් ජනපදයෙන් පසු ලොව දෙවැනි ඉහළම කොවිඩ්-19 ආසාදනය ඉන්දියාවට ඇති අතර, එය මිලියන 29.2ක් සහ මරණ 359,676ක් ලෙස සැලකෙයි.