සති ගණනාවක් පුරා ඉන්දියාවේ පුරවැසි පනතට විරෝධයක් පැවතියද, ලබන වසරේ සංගණනයක් හා ජනගහන සමීක්ෂණයක් සඳහා අරමුදල් අනුමත කිරීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
බලධාරීන් පවසන්නේ යාවත්කාලීන කරන ලද ජාතික ජනගහන ලේඛනය (NPR) සියලු පදිංචිකරුවන්ගේ සවිස්තරාත්මක ලැයිස්තුවක් වනු ඇති බවයි.
කෙසේ වෙතත්, විචාරකයින් පවසන්නේ එය “සැක සහිත පුරවැසියන්” තමන් ඉන්දියානුවන් බව ඔප්පු කිරීමට ඉල්ලා සිටින ලැයිස්තුවක් වනු ඇති බවයි.
පුරවැසි නීතිය පිළිබඳ විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 20කට වැඩි පිරිසක් මේ වනවිට ඉන්දියාව තුළ ජීවිතක්ෂයට ප්තව ඇත.
බලධාරීන් පවසන්නේ NPR හි අරමුණ රටේ සෑම "සුපුරුදු පදිංචිකරුවෙකුගේම" සවිස්තරාත්මක අනන්‍යතා දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම බවයි.
“සුපුරුදු පදිංචිකරුවෙකු” යනු අවම වශයෙන් මාස හයක්වත් ප්‍රදේශයක ජීවත් වූ පුද්ගලයෙක් හෝ ඉදිරි මාස හය හෝ ඊට වැඩි කාලයක් ප්‍රදේශයක ජීවත් වීමට අදහස් කරන පුද්ගලයෙකි. මෙයින් අදහස් කරන්නේ ඉන්දියාවේ වෙසෙන විදේශිකයන් NPR වෙත ඇතුළත් කිරීමට බව සඳහන් වේ.