කොවිඩ්-19 වසංගතයේ ලොව පුරා පැතිරුණු පසුගිය වසරේ සිට, එය යුරෝපා සහ ඇමෙරිකානු කලාපවල දැඩි භීතියක් ඇති කරමින්, පසුගිය අප්‍රේල් මාසයේ සිට දකුණු හා අග්නිදිග ආසියානු කලාපය පුරා දරුණු කම්පන තරංගයක් ඇති කළේය.
ඒ කොරෝනා ව්‍යසනය සමග මෙම කලාප තුළ වැඩිම බැටකෑමකට ලක්වූ ඉන්දියාව කොවිඩ්-19 දෙවැනි රැල්ල හමුවේ මුහුණදුන් ඇතැම් ශෝචනීය තත්ත්වයන් ඔබ අප ජීවත්වන මෙම කලාප තුළත් ඇති කර නොගැනීමට අප වගබලා ගත යුතුය.
මේ වනවිට ඩෙල්ටා නමින් හැඳින්වෙන ඉන්දියාවෙන් මුලින්ම හැඳින ගත් වෛරස ප්‍රභේදයක් සමග ඉන්දියානු ප්‍රාන්ත, මහා නගර සහ ගම්මාන ඉරා දැමූ වසංගතයේ ඔබ දුටු සහ ඇතැම් විට නොදුටු දසුන් පෙළක් මෙසේ විදෙස් කැමරා ශිල්පීන්ගේ තෙවැනි ඇසින් ඔබ හමුවෙහි තබන්නේ, කොවිඩ්-19 මාරයාගේ අනතුර සුළුවට නොතකන ලෙසට යලි සිහිපත් කරමිනි.
එබැවින් වසංගතය හමුවේ මේ වනවිට එන්නත්කරණයක් යම් මට්ටමකින් සිදුවෙමින් තිබුණද, ඔබේ සියලු ආරක්ෂාව එන්නතට භාර නොදී, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්රමුඛ ලොවපුරා වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් විසින් අවධාරණය කර ඇති මහජන සෞඛ්‍ය පුරුදු (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය) අතපසු නොකරමින්, ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත්, ඔබේ වටපිටාව වූ සමස්ත සමාජයේත් ආරක්ෂාව තහවුරු කරන වගකීමෙන් යුතු පුරවැසියෙකු වන්න.