ඉන්දියාවේ ආසාදන හා මරණ වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග මොඩෙර්නා හි කොවිඩ්-19 මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව අඟහරුවාදා අවසර දී තිබේ.
ඒ අනුව ඉන්දියාව විසින් කොරෝනා වෛරසයට එරෙහිව හදිසි භාවිත අනුමැතිය ලබාදුන් සිව්වැනි එන්නත බවට මොඩෙර්නා එන්නත පත්වෙයි.
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්රාසෙනෙකා හි ඉන්දියාවේ නිෂ්පාදිත කෝවිෂීල්ඩ් එන්නත සහ තවත් ඉන්දියානු සමාගමක් වූ භාරත් බයෝටෙක් හි කොවැක්සින් එන්නත මෙන්ම, රුසියාවේ ස්පුට්නික් වී එන්නතට පසුව මෙසේ මොඩෙර්නා වෙත අවසරය හිමිවී ඇත.
මේ අතර වියට්නාමයද මොඩෙර්නා එන්නතට මෙසේ හදිසි භාවිත අවසරය ලබාදී ඇත. වියට්නාමය මීට පෙර ඇස්ට්රාසෙනෙකා එන්නත, රුසියාවේ ස්පුට්නික් වී, චීනයේ සීනොෆාම් එන්නත සහ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත අනුමත කර ඇත.