ඉන්දියාවේ දෙවැනි සඳ තරණය ලෙස සැලකෙන චන්ද්‍රයාන් - 2 යානය සඳේ කක්ෂය වෙත සාර්ථකව ඇතුළු වූ බව එරට විද්‍යාඥයෝ පවසති.
මෙම යානය අභ්‍යවකාශගත කර මසක පමණ කාලයකින් මෙසේ එරට වේලාවෙන් අද පෙ.ව. 9.02 ට පමණ සඳෙහි කක්ෂය වෙත ඇතුළු වී තිබේ.
මෙම සුවිශේෂී ජයග්‍රහණය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සතුටින් සමරා ඇති අතර, ඔහු පෙන්වා දෙන්නේ මෙය ඉන්දීය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ධානයක් බවයි.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී කේ සිවන් වඩාත් විශ්වාසයෙන් යුතුව පවසා සිටියේ, ඔවුන් සැලසුම් කළ පරිදිම එලැඹෙන සැප්තැම්බර් 7 වැනිදා මෙම යානය සාර්ථකව සඳ මතුපිටට ගොඩබසිනු ඇති බවය.