ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 4ක සීමාවද ඉක්මවා යෑමෙන් පසුව ආසන්න දින කිහිපය තුළ ආසාදිත අගය ක්‍රමයෙන් පහළ යමින් පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 240,842ක් රටපුරා ලියාපදිංචි වෙමින්, සමස්ත ආසාදිත අගය 26,530,132ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම සතියකට ආසන්න කාලයක් එක් දිනක් පමණක් හැර දෛනික මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවා වාර්තා වුවද, ගතවූ පැය 24 තුළ එරට දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද තරමක් පහළ යමින් 3,741ක් ලෙස වාර්තා වී තිබේ. මේ සමග ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 299,266ක් දක්වා ඉහළ යමින්, ලක්ෂ 3ක අගයට ආසන්න වී ඇත.