ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව එරට කොවිඩ්-19 ආසාදිතයන් 362,727ක් ගෙවීගිය පැය 24 තුළ වාර්තා වී ඇති අතර, එරට මුළු ආසාදන 23,703,665ක් දක්වා වර්ධනය වී තිබේ.
එමෙන්ම ගෙවීගිය දිනයේත් රටේ වෛරසය ආශ්රිත මරණ 4,120ක් වාර්තා වී ඇති අතර, මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 258,317කි.
ඉන්දියාව තුළ සති දෙකකට වැඩි කාලයක් පුරා දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000ක් ඉක්මවා ඇත.
වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ලෝකයේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම අප්‍රේල් 22 වැනි දින ඉන්දියාව විසින් වාර්තා කළේ ආසාදිතයන් 314,835ක් ලෙසිනි. එතැන් සිට රට දෛනිකව මේ දක්වා ආසාදිතයන් 300,000කට වඩා එකතු කර තිබේ.
මැයි 7 වැනි දින පමණක් වාර්තා වූ නව ආසාදන සංඛ්‍යාව 414,188ක් මෙතෙක් වාර්තා වූ වැඩිම අගයයි.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බදාදා සවස නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයකට අනුව ජනවාරි මාසයේ සිට ඉන්දියාවේ එන්නත් මාත්‍රාවන් 177,085,371ක් ලබා දී ඇත. එමෙන්ම පුද්ගලයින් 39,490,489කට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලැබී තිබේ.
එනම් ඉන්දියාවේ බිලියන 1.3ක ජනගහනයෙන් 3% ක් පමණක් සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන ඇත.