ඉන්දියාව මෙම මාසයේ තවත් හමුදා ප්‍රහාරයකට සූදානම් වන බවට සිය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි පාකිස්තානය අවධාරණය කරයි.
පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහෙමූඩ් කියුරේෂි බුද්ධි තොරතුරු පදනම්ව මෙම තොරතුරු පවසා තිබේ.
ඉන්දියාව හා පාකිස්තානය අතර මෙම වසරේ යුද උණුසුමක් ඇති වූ අතර, පාකිස්තාන ත්‍රස්ත කණ්ඩායමක් ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කිරීම ඊට මුල් විය.
ත්රස්තයන්ට පාකිස්තානය උදව් කරන බව පවසමින් ඉන්දියාව ඉන් පසුව ගුවන් ප්‍රහාරයක් දියත් කළ අතර, එහිදී පාකිස්තාන ප්‍රති ප්‍රහාරයකින් ඉන්දීය යානයක් කඩා වැටුණි.
පසුව එහි නියමුවා පාකිස්තාන ආරක්ෂක අංශ භාරයට පත්ව, දිනි කිහිපයකින් යළිත් ඉන්දියාව වෙත නිදහස් කිරීමට කටයුතු කළේය.
පසුගිය පෙබරවාරි මාසයේදී මේ ආකාරයේ ගුවන් ප්‍රහාරයක් දෙරට අතර සිදුවූයේ 1971 දෙරට අතර යුද්ධයෙන් පසුව ප්‍රථම වරටය.