ඉන්දීය ගුවන් තොටුපොළ ආරක්ෂාවේ යෙදෙන පොලිස් නිලධාරීන්ට දසන් පෙන්වා සිනාසීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබේ.
වැඩි ආචාරශීලීත්වයක් පෙන්වීමට ගොස් ආරක්ෂාව පිළිබඳ මානසිකත්වය බිඳීයාමෙන් ත්‍රස්ත ප්‍රහාරයක් වුවද එල්ල වීමට හැකි අවදානමක් පවතින බව කියමින් මෙම නියෝගය සිදුකර ඇති බව කියැවෙයි.
ඒ අනුව, ඉන්දීය ගුවන් තොටුපොළ ආරක්ෂාව භාරව සිටින එරට මධ්‍යම කර්මාන්ත ආරක්ෂක බළකායට මිත්‍රශීලීත්වයට වඩා අවධානයෙන් සිටීම වැදගත් බව පෙන්වා දී තිබේ.
ඒ අනුව, මෙම ආරක්ෂක නිලධාරීන් ඉදිරියට දසන් පෙන්වූ පුළුල් සිනහ ක්‍රමයෙන් ඉවත්ව, සාමාන්‍ය සිනහ ක්‍රමයක් අනුගමනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඇමෙරිකාවේ 9/11 ප්‍රහාරයද ගුවන් මගී මිත්‍රත්වය අධික වීමේ ප්‍රතිඵලයක් හේතුවෙන් සිදුවූවක් බවද මධ්‍යම කර්මාන්ත ආරක්ෂක බළකායේ අධ්යක්ෂ ජනරාල් රාජේෂ් රන්ජන් පවසයි.