යුනිසෙෆ් සංවිධානය විසින් ඉන්දියාවට කොවිඩ්-19 සමග සටන් වැදීම සඳහා සැපයුම් යවා ඇති නමුත් ඒවා ප්‍රමාණවත් නොවන බව එහි විධායක අධ්‍යක්ෂිකා හෙන්රියාටා ෆෝර් පවසයි.
"අපට උදව් කරන්නැයි අපි ලෝකයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඉන්දියාව ලෝක සැපයුම් දාමයේ අති විශාල එන්නත් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් වන නිසා, ලෝකයට එන්නත් නිපදවීමේ ව්‍යාපාරයට ඉන්දියාව නැවත ගෙන්වා ගත යුතුයි" ඇය කියා සිටියාය.
එමෙන්ම එන්නත් සම්බන්ධ ආනයන හා අපනයන සීමා ඉවත් කරන ලෙසත්, වෙනත් ස්ථානවල එන්නත් නිෂ්පාදනය කිරීමේ හැකියාව සඳහා සහාය වන ලෙසත්, සමහර නිෂ්පාදන තාක්ෂණයන් සඳහා බලපත්‍ර ලබාදීම පිළිබඳව සලකා බලන ලෙසත් ඇය රටවල්වලින් ඉල්ලා සිටියාය.
වෛද්‍ය ඔක්සිජන් සහ වෙන්ටිලේටර්ස් වැනි මූලික වෛද්‍ය සැපයුම් හිඟයන් සමග රෝහල් යටපත් කර ඇති කොවිඩ්-19 ශීඝ්‍ර පැතිරයාම පාලනය කිරීමට ඉන්දියාව මේ වන විට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.