කොවිඩ් -19 එන්නත් ඉන්දියානු වෛරසයේ ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන බවට එක්සත් රාජධානියේ විශ්වාසය වැඩි බව එරට සෞඛ්‍ය ලේකම්වරයා පවසයි.
එහිදී විද්‍යාත්මක දත්ත පෙන්වන්නේ මෙම ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේදයක් බවය. පසුගිය සතියේ එංගලන්තයේ ආසාදිතයන් 1,313ක් දක්වා තුන් ගුණයකින් වැඩි වීමටද එය හේතු විය.
නමුත් මැට් හැන්කොක් පැවසුවේ මුල් පරීක්ෂණාගාර දත්ත මගින් එන්නත් මෙම ඉන්දියානු ප්‍රභේදයට එරෙහිවද ඵලදායී බව සනාථ කර ඇති බව කියා සිටියේය.
ඔහු සඳහන් කළේ ඉන්දියානු ප්‍රභේදයේ උණුසුම් ස්ථානයක් වන බෝල්ටන් රෝහලේ සිටින අයගෙන් බහුතරයක් එන්නත් ලබාගෙන නොමැති අය බවයි.
සෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේ B.1.617.2 ලෙස හැඳින්වෙන මෙම ප්‍රභේදය රටේ බොහෝ ප්‍රදේශවල සාපේක්ෂව කුඩා සංඛ්‍යාවක් ලෙස පැතිරී ඇති බවයි.
එංගලන්තය සඳුදා (17දා) අගුලු දැමීම ලිහිල් කිරීම සඳහා රජයේ මාර්ග සිතියමේ තුන්වැනි අදියර වෙත යාමට නියමිතව ඇති අතර, ගෘහස්ථව හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සමඟ සමාජගත වීම මෙන්ම සමහර ජාත්‍යන්තර සංචාර සඳහා ඉඩ ලබාදීමට නියමිතය.