ඉන්දුනීසියාවේ සුමාත්රා දූපත් ආශ්රිතව ඇතිවූ දැඩි වර්ෂාපතනයත් සමග සිදුවූ නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 21කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ස්වභාවික විපතින් උතුරුදිග සුමාත්රා හි මුආරා සලාදි ගම්මානයේ ඉස්ලාමීය පාසලක දරුවන් 11 දෙනෙකුම පස් යට වැළලී ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, තවත් 11 දෙනෙකු මෙම නායයෑම් සිදුවූ ප්රදේශයේදීම අතුරුදන්ව ඇති බව ගම්වාසීහු පවසති.
උතුරු හා බටහිර සුමාත්රා දූපත්වල නිවාස 500ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර, ඉස්ලාමීය පාසලක සිදුවූ දරුණුතම ඛේදවාචකයක් ලෙසද මෙම දරුවන් මියයෑමේ සිදුවීම සැලකෙයි.
එම පාසල අසලින් ගලාගිය ගංගාවේ ජලමට්ටම් එක්වරම වැඩිවී පන්ති කාමරයේ බිත්තියක් පෙරළී මෙම දරුවන් මියගොස් ඇති බව ආරක්ෂක අංශ පවසයි.