ඉන්දුනීසියාවේ පැවති ජනාධිපතිවරණයෙන් වත්මන් ජනපති ජෝකෝ විඩෝඩෝ යළිත් බලයට පත්වනු ඇති බව නිල නොවන ඡන්ද ප්රතිඵල පෙන්වා දෙයි.
ඊයේ (17දා) එරට ජනාධිපතිවරණය සහ ප්රදේශීය හා ජාතික සභිකයන් තෝරාගැනීමේ ඡන්ද විමසීම්ද පැවැත්විණි. ඒ අනුව, ජනාධිපතිවරණයේ මෙතෙක් ගණන් කළ ඡන්දවලින් වත්මන් ජනපතිවරයා තම ප්රතිවාදියා වන හිටපු හමුදා ජෙනරාල් ප්රබෝවෝ සුබිඅන්ටෝට වඩා 10%ක පමණ ඡන්ද ප්රතිශතයක් ඉදිරියෙන් සිටියි.
කෙසේ වෙතත්, නිල ඡන්ද ප්රතිඵල නිකුත් වීම මැයි මාසයේදී සිදුවීමට නියමිත වුවත්, පසුගිය වසරේදීද මේ ආකාරයෙන් නිකුත් වූ නිල නොවන ඡන්ද ප්රතිඵල නිවැරදි වූ බව දේශපාලන විචාරකයෝ පවසති.
මෙවර මැතිවරණය සඳහා මිලියන 192ක ජනතාවක් ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර, මෙම මැතිවරණය එක් දිනක් තුළ ලොව පැවැත්වෙන විශාලතම මැතිවරණය ලෙසද සැලකෙයි. ජනාධිපතිවරයාට අමතරව, ප්රාදේශීය හා ජාතික සභිකයන් 20,000ක් පමණ මැතිවරණයෙන් තෝරා පත්කර ගැනෙයි.