රටේ අගයන් ආරක්ෂා කළ යුතු බව පවසමින් ඉන්දුනිසියාවේ වින්දන උද්‍යානයක ස්ථාපිත කර තිබූ අඩ නිරුවත් දිය කිඳුරු ස්මාරක දෙකක පපු ප්‍රදේශය වසා දැමීමට කටයුතු කර තිබේ.
ඉන්දුනීසියාවේ, ජකාර්තා අගනුවර අන්කෝල් ඩ්‍රීම්ලෑන්ඩ් වින්දන උද්‍යානය තුළ වසර 15කට අධික කාලයක් පැවති දිය කිඳුරු ස්මාරක දෙකක් සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබීම හාස්‍යයට කරුණක් බව ඇතැම් දෙනා පවසති.
එමෙන්ම, අදාළ වින්දන උද්‍යාන බලධාරීන් ඔවුන්ගේ උවමනාවට මෙය සිදුකළා විය නොහැකි බව පවසන ජනතාව, මෙය කිසියම් හෝ බලපෑමක් මත සිදුවන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
නමුත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන අදාළ වින්දන උද්‍යානයේ බලධාරීන් පවසන්නේ තමන්ගේ උවමනාවට මෙම තීරණය ගත් බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පිරිස් පවසා තිබුණේ, මෙම දියකිඳුරු රූප කිසිම ආකාරයකින් අනවශ්‍ය උත්තේජනයක් හෝ අසැබි දර්ශනයක් විදහා නොදැක්වූ බවයි. එය සරල කලා කෘති ද්විත්වයක් බව ඔවුන් පවසා තිබුණි.