ඉතාලියේ පාසල් බස් රථයක් පැහැරගෙන යාමේ සිද්ධියේදී ඒ බව හොර රහසේ පොලීසියට දැන්වූ 13 හැවිරිදි ඊජිප්තු ජාතික සිසුවෙකුට ඉතාලි පුරවැසිභාවය පිරිනමා තිබේ.
රාමි ෂෙහාටා නම් වූ මෙම දරුවා ඇතුව දරුවන් 50 දෙනෙකු රැගත් බස් රථය මෙසේ පැහැරගත් අවස්ථාවේදී ඔහු තමා අත වූ දුරකථනයකින් හොර රහසේ පොලීසියට ඒ බව දැනුම්දී තිබුණි. පසුව මෙම බස් රථයට මිලාන් නගරය ආසන්නයේදී ගිනි තබා තිබුණත්, ඒ වනවිට දරුවන් බේරාගැනීමට පොලීසියට හැකිවිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉතාලි නියෝජ්‍ය අගමැති මැට්ටිඕ සල්විනී පවසා තිබුණේ, ඔහු තමාගේ පුතෙකු බවත්, ඔහු ඉතාලියේ අගයන් අනුව කටයුතු කළ අයෙකු බවත්ය.
රාමිගේ පියා ඊජිප්තුවේ සිට ඉතාලියට සංක්‍රමණය වූවෙකු වන අතර, රාමි උපත ලබා තිබුණේ ඉතාලිය තුළය. කෙසේ වෙතත්, සංක්‍රමණිකයෙකුට ඉතාලිය තුළ දරුවෙකු බිහි වුවහොත්, ඔහුට හෝ ඇයට එරට පුරවැසිභාවය හිමිවන්නේ වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් පසුවය.