ඉතාලි ඇල්ප්ස් කඳුකරයේ වැල් සෙනේල්ස් හි හිම මත ලිස්සා යමින් සිටියදී කාන්තාවක් සහ හත් හැවිරිදි දැරියන් දෙදෙනෙකු හිම කඳු කඩා වැටීමකට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
වයස අවුරුදු 35 ක් වූ මෙම කාන්තාව එක් ගැහැණු ළමයෙකුගේ මවක් බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
ජර්මානු යැයි සිතන තිදෙනාම ඔස්ට්‍රියානු දේශ සීමාව අසල දකුණු ටයිරොල්හි වැල් සෙනාලෙස් ග්ලැසියරයට මීටර් 2,400 ක් (අඩි 7,900) පමණ ඉහළට ගමන් කර තිබුණි.
සෝදිසි මෙහෙයුමකදී මළ සිරුරු සොයා ගැනීමට ස්වෙච්ඡා සේවකයන් 70 දෙනෙකු සහ හෙලිකොප්ටර් 3 කින් යුතු කණ්ඩායමක් සහාය දක්වා තිබුණි.
සිද්ධිය වූ ස්ථානයේදීම පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර එක් ගැහැණු ළමයෙකු ගුවන් ගත කර රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම එකම ස්කී කණ්ඩායමේ තවත් හිම මත ලිස්සා යන්නන් දෙදෙනෙකු, එනම් පියෙකු සහ ඔහුගේ 11 හැවිරිදි පුතා තුවාල ලැබූ නමුත් බරපතල ලෙස තුවාල වී නොතිබුණි.
වැල් සෙනේල්ස් කේබල් කාර් සමාගමේ අධ්යක්ෂ තෝමස් ස්ටෙචර් ලා රිපබ්ලිකා වෙත පැවසුවේ සිය හවුල්කරුවන් උදේ පාන්දරම තත්ත්වය තක්සේරු කළත්, කිසිදු අනතුරක් සේයාවක් නොතිබූ බවයි. එවැන්නක් පිළිබඳ ඔවුන්ට සැකයක් තිබුණේ නම් ඔවුන් නිසැකවම මිටියාවතට යෑමට ඉඩ නොදෙනු ඇති බවද හෙතෙම පැවසීය.