ඉතාලියේ ජීවත් වන රෝමා ප්‍රජාවේ සංගණනයක් කළ යුතු බවට යළිත් විවාදාත්මක ප්‍රකාශයක් කිරීම නිසා දක්ෂිණාංශික ජනතාවාදී පක්ෂය නියෝජනය කරන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙට්ටිඕ සැල්වානී චෝදනාවට ලක්ව තිබේ.
මෙය ඉතාලි නොවන ජනතාව යළි පිටුවහල් කිරීම සඳහා අමාත්‍යවරයා දරණ ප්රයත්නයක් බවට කියවුණි.
මේ තත්ත්වයත් සමග යළි ප්‍රකාශයක් කළ අමාත්‍යවරයා පවසා තිබුණේ රෝමා දරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් තමන් මෙම ප්‍රකාශය සිදුකළ බවයි.
ඉතාලියේ කඳවුරු තුළ මේ වනවිට 130,000ක පමණ රෝමා (අහිගුණ්ඨික) ප්‍රජාවක් ජීවත් වෙති.
මෙම අමාත්‍යවරයා පසුගිය සතියේ ඉතාලිය වෙත සංක්‍රමණිකයන් 629 දෙනෙකු රැගෙන පැමිණි නෞකාව එරට කිසිදු වරායකට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කළ අතර, එහි උණුසුම යාමටත් පෙර මෙම චෝදනාවට අමාත්‍යවරයා වෙත එල්ල වී ඇත.