මාරාන්තික කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය සඳහා ජාත්‍යන්තරය ගෙන ඇති දැඩි ප්රයත්නයන් මධ්‍යයේ පවා ඉතාලියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ ගොස් තිබේ.
යුරෝපයේ නව කොරෝනා ආසාදනයෙහි ප්‍රධානතම ඉලක්කය වන ඉතාලියේ මෙසේ ආසාදිතයන්ගේ වැඩිවීම පැය 24ක් තුළ 25%ක වේගයකින් සිදුවන බව සඳහන් වෙයි.
මේ අතර ඉතාලියට නුදුරු යුරෝපීය රටවල් කිහිපයක මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා කියා සිටියේ පළමු වරට වෛරසය චීනයෙන් පිටත වේගයෙන් පැතිර යන බවයි.
ගෝලීය වශයෙන්, රටවල් 40ක පමණ 80,000කට අධික පිරිසක් දෙසැම්බර් මාසයේදී මතුවූ නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, මින් අතිමහත් බහුතරය චීනයෙන් වාර්තා වෙයි.
වෛරසය නිසා ඇති වන ශ්වසන රෝගය වන කොවිඩ්-19 නිසා මේ වනවිට පුද්ගලයන් 2,800කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.