ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී යානයේ ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව එම ගුවන් සේවය නිවේදනය කරයි.
මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සමග ඉතියෝපියාවේ අගනුවර වන අඩීස් අබ්බාස් සිට කෙන්යාවේ නයිරෝබි අගනුවර දක්වා ගමන් ඇරඹූ ET302 යානය ඉන් සුළු මොහොතකට පසුව කඩා වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මානයේ කෙන්යානුවන් 32ක්, කැනේඩියානුවන් 18ක්, ඇමෙරිකානුවන් 8ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 7ක් ඇතුළුව විවිධ ජාතීන් 33කට අයත් පිරිස් ගමන් කරමින් සිට ඇත.
කෙසේ වෙතත්, මෙම ගුවන් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, ගුවන් නියමුවා යානයේ ගෙනයෑමේ අපහසුවක් ඇති බවත්, ආපසු අඩීස් අබ්බාස් වෙත හරවාගෙන පැමිණීමට අවසන් වරට ගුවන් පාලක මැදිරියෙන් අවසර ඉල්ලා ඇති බව කියැවෙයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ යානය පොළොවේ ගැටීමත් සමග විශාල ගිනි ජාලවකින් එය වෙලීගිය බවත්, විශාල පිපිරීමක්ද ඇති වූ බවයි.
ඒ අනුව, බෝයිං 737 Max-8 යානය සම්පූර්ණයෙන්ම ගිනිබත්ව ඇති අතර, යානය කඩා වැටුණු ස්ථානයේ විශාල වලක් හැරී තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රථම දැනුම්දීම සිදුකෙරුණේ එරට අගමැති අබී අහ්මඩ් සිය බලවත් කනගාටුව ප්‍රකාශ කිරීමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමත් සමගිනි.
737 Max-8 වර්ගයේ බෝයිං යානා ගුවනට අලුත් යානා ලෙස සැලකෙන අතර, මේවා වර්ෂ 2016 දී හඳුන්වාදෙනු ලැබීය. එය ඉතියෝපියානු ගුවන් සේවයට එක්ව තිබුණේ පසුගිය වසරේදී බව කියැවෙයි.